වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන් සොයා රටපුරා වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) – වැඩිමිලට ගෑස් අලෙවිකරණ වෙළෙදුන්ට එරෙහිව දැඩිව නිතිය ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.

මේවන විටත් දිවයින පුරා වැටලීම් ක‍්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත. ගෘහස්ථ ගෑස් සිලින්ඩර වැඩිමිලට අලෙවි කිරීමේ සිද්ධීන් හයකට වැඩි සංඛ්‍යාවක් එම වැටලීම්වලදී වාර්තාවූ බව අධිකාරිය සදහන් කළේය. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහල දැමීමට රජය පියවර ගත්තේ පසුගිය 4 වනදාය.

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය තුළ කිලෝග‍්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 251 කින් ද අනෙකුත් දිස්ත‍්‍රික්කවල රුපියල් 240 කින් ද පහල දැමීමට තීරණය කළේය.

සියලුම වෙළෙදුන් එම මිල අඩුකිරීම්වලට අනුව ගෑස් අලෙවිකළ යුතු බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 5 =