ඡන්ද පොළේ දී අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – ඡන්ද පොළේ දී ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව ඡන්ද දායකයින් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරිමේ දී ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද පූජ්‍ය/පූජක හැඳුනුපත යන ලියවිලි අතරින් එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

කෙසේ වෙතත් මේ දක්වා ජාතික හැඳුනුම්පත ලබා නොගත් සහ ඉහත සඳහන් කවර හෝ වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන් වෙත අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී/ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන විශේෂ හැඳුනුම්පතක් ලබා දීමට සියලුම තේරීම්බාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *