බලපත්‍ර නොමැති රා ස්කාගාරයක් වටලයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් වටලා ඇත.

අළුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ දී එම ස්ථානය වැටලීම් කර එහි හිමිකරුවන සුදත් කුමාර ද සිල්වා වැමැති වයස අවුරුදු 53ක අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. එහි තිබී රා ලීටර් 83,000ක් ද පොලිස්භාරයට ගෙන ඇත.

මෙම සැකකරු සහ නඩු භාණ්ඩ අළුත්ගම සුරාබදු නිලධාරීන්ට භාර දීමට නියමිත අතර මෙම රා කෘතීම රා දැයි පරික්‍ෂා කිරීම සදහා සාම්පල රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *