විලියම් සහ කේට් පාකිස්තානයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක් සඳහා ඉස්ලාමාබාද් නුවරට ඊයේ (14) ලඟා විය.

විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂි විසින් පාකිස්තානයට ආවේණික සල්වාර් කමීස් ඇඳුමෙන් සැරසුණු කේට් කුමරියව ගුවන් තොටුපලේදී මල් කුමර කුමරියන් සමඟ පිළිගනු ලැබුවේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ විලියම් සහ කේට් යුවළගේ ප්‍රථම පකිස්තාන චාරිකාව දින 5 ක් පුරා ක්‍රියාත්මක බවයි. ඔවුන්ගේ දරුවන් තිදෙනා ද මෙම සංචාරයට එක් වේ.

විලියම් සහ කේට් යුවළ වත්මන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද මුණගැසීමට නියමිතය.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු වසර 13කට පසු පාකිස්තානයට ගිය පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. ඉස්ලාමාබාද්හි පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් යුවලගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *