සිම්බාබ්වේට සහ නේපාලයට යළි ICC සාමාජිකත්වය

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේට සහ නේපාලයට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමජිකත්වය ලබාදීමට තීරණය කර ඇත.

ඒ ඊයේ(14) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදී ය. ඩුබායි හී දී මෙම රැස්වීම පැවැති බව සදහන් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට අනුකූලව නේපාල සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන පවත්වාගෙන නොයෑම හේතුවෙන් මීට පෙර ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමජිකත්වය අහෝසි කෙරුණි.

ඒ අනුව නේපාලයේ සාමාජිකත්වය 2016 වසරේ අහෝසි කෙරුණු අතර සිම්බාබ්වේ සාමාජිකත්වය අහෝසි කෙරුණේ මේ වසරේදීය.

කෙසේ වෙතත් එම කණ්ඩායම් දෙකටම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමජිකත්වය හිමිවීමත් සමඟ ඔවුන්ට අයි.සී.සීය සංවිධාන කරන තරගාවලි සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *