ISIS සැකකරුවන් 127ක් ඉන්දියාවේ දී අල්ලයි – සහරාන්ගේ අනුගාමිකයිනුත් ඒ අතර

(කොළඹ, ලංකාපුවත්) – අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් සදහන් කර ඇත්තේ අත්අඩංගුවට පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා එම සංවිධානයට සහය පල කර ඇති අය බවද සදහන් වේ.

ත්‍රස්ත විරෝධී කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ හමුවකදී ඊයේ(14) දිනයේ අලෝක් මික්ටාල් මේ බව සඳහන් කර ඇත.

ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන මඟින් තමන් රැඩිකල්කරණය වූ බව පිළිගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති බහුතරයක් දෙනා තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර 33දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ. එසේම තවත් පුද්ගලයින් 19 දෙනෙකු උත්තර් ප්‍රදේශ් හිදී ද ,කේරලයේදී පුද්ගලයින් 17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකුද, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *