ජනපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාව දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයන් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *