ජනාධිපතිවරණ අවසන් ප්‍රතිපලය එන දිනය ගැන මැකො කියයි

(කොළඹ, ලංකාපුවත්) –නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 18 වෙනිදා දහවල් වන විට බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙවර මැතිවරණය සඳහා තිබෙන ජන්ද පත්‍රිකාව විශාලත්වයෙන් අධිකවීම නිසා ජන්ද ගණන් කිරීමේදී දැඩි කාලවේලාවක් ගත වනු ඇතැයි දේශප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − two =