ජාතික ආරක්ෂාව තහවුරුකර කුඩු දේශපාලනය නැති කරනවා

(කොළඹ, ලංකාපුවත්) – සිය පාලනය යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කොට ත්‍රස්තවාදය විනාශ කරන්නාසේම කුඩු දේශපාලනයත් විනාශ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ජනාධිපතිවරණ ජනරැළි මාලාවේ දැරණියගල පැවැති ජනහමුවට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

රටම වෙලාගෙන තිබෙන කුඩු ජාවාරමට මා ඉඩ තබන්නේ නැහැ. අපේ මාතෘ භුමියේ කුඩුකාරයන්ට තැනක් තබන්නේ නැහැ. දේශපාලන ක්ෂේත්‍රයටත් කුඩුකාරයෝ ඇවිල්ලා. ඔවුන් බලවතුන් ධනවතුන් වෙලා. මම ආරක්ෂක ඇමැතිකමට සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා පත් කරලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය තුරන් කරමින් කුඩුකාරයාවත් මෙරටින් තුරන් කරනවා.

මේ රටේ සම්පත් තියෙන්නේ එක පවුලකට කාලා විනාශ කරන්න නොවෙයි. ඒ සම්පත් අයිති මේ රටේ මහජනතාවටයි. සැබෑ අයිතිකාරයෝ මේ රටේ ජනතාවයි. ඔවුන් තමයි මේ රටේ මහාභාණ්ඩාගාරයේ අයිතිකාරයෝ.

රජපවුල් සමඟ ගජමිතුරු සබඳතා මට නැහැ. මම පාට පක්ෂ බේදයෙන් තොරව, කුලමල බේදයෙන් තොරව එකතු වෙන්නේ රටේ තැලෙන පොඩිවෙන වැඩ කරන ජනතාව සමඟයි. ප්‍රේමදාසගේ පුතාට හයිය දීලා අලුත් යුගයක් අලුත් ගමනක් ආරම්භ කරමු. මේ රට ලෝකයේ අංක එකේ රට බවට පත් කරනවා පත්කරනවාමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =