පලාලි ජාත්‍යන්තර ගුවන්තොට ජනපති-අගමැති හෙට විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතින් හෙට (17) පෙරවරු 10.00 ට විවෘත කෙරේ.

රුපියල් මිලියන 2250 ක වියදමකින් ඉදකළ මෙම පලාලි ගුවන් තොටුපල අදියර තුනක් යටතේ ඉදි කෙරුනු අතර කිලෝ මීටර් 2.3 ක් දක්වා සම්පුර්ණ යෙන්ම ප්‍රධාන ධාවන පතය නිමකොට ඇත.මේ තුළින් AL 320 , AL 321 වැනි ගුවන් යානා හැසිරිවීමේ හැකියාව ඇතැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග ,ප්‍රවාහන රාජ්‍ය ඇමැති අසෝක් අබේසිංහ ,අමාත්‍යංශයේ ලේකම් එම් .ජයම්පති යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 16 =