විශ්‍රාමයෑමෙන් පසු මෛත්‍රීට පුරුදු නිවස සහ ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ ඊයේ(15) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයකට අනුව ය.

විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශාල වැඩකොටසක් සිදුකිරීම හේතුවෙන් කෘතගුණ දැක්වීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =