කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි. ඒ අනුව ඔක්තෝබර් 19 වන සෙනසුරාදා රාතී‍්‍ර 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කොළඹ 13, 14 , 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්ය. කොටුව, පිටකොටුව සහ කොළඹ 9 ප‍්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *