ජනාධිපතිවරණ සමාජ ජාල නිරීක්ෂණය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – සමාජ මාධ්‍ය නිරීක්ෂණ වැඩපිළිවෙල අද (17) සිට ආරම්භ කරන බව පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කරයි.

පැෆරල් නිරීක්‍ෂණ ඉතිහාසය තුළ ප්‍රථම වතාවට සමාජ මාධ්‍ය නිරීක්‍ෂණය සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙය බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

ඒ සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර ඒ තුළින් වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු, වැරදි අර්ථකථන ඇතුලත් ජනතාව නොමග යවන හෝ ජනතාව නොසන්සුන් කරවන ප්‍රකාශ පිළිබඳව නිරීක්‍ෂණය කර ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා කරනු ඇත.

එසේ වාර්තා කරන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ අධීක්‍ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතායතනයට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ දිගුකාලීන නිරීක්ෂකයන් ලබන ඉරිදා (20) දිවයිනට පැමිණෙන බවත් රෝහණ භෙට්ටිආරච්චි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *