රාජපක්ෂලාගේ මහා බොරුව හෙළිවුණා – ඇමති සජිත්

(කොළඹ, ලංකාපුවත්) –30 වසරක ත්‍රස්තවාදය පරාජය කර යුද ජයග්‍රහණය ලබා ගත්තේ තමන් සහ තම පවුලේ අය බවට වසර 10ක් තිස්සේ රටටත්, ලෝකයටත් සිදු කළ ඒ මහා බොරුව, වංචාව ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ මුවින්ම ඊයේ දවසේදි පැවැති මාධ්‍ය හමුවේදී හෙළි වීම දෛවයේ සරදමක් බව නව ප්‍රජාතන්ත්‍රවාදීපෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ , දොඩංගස්ලන්ද, ජයන්ති ක්‍රීඩාංගණයේ පැවැති ජන රැළියට ඊයේ (16) එක් වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතාමෙසේද පැවසීය.

මෙතෙක් කාලයක් මාධ්‍යවේදීන් මඟහැර සිටි ප්‍රතිවාදී අපේක්ෂකතුමා ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට, සැබෑ යුද වීරයා කවුද යන්න එතුමාගේ මුවින් මුළු ලෝකයටම හෙලි කළා. ඒ වගේ 16 වෙනිදා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් රටේ සත්‍ය විජයග්‍රහණය කරනවා නිසැකයි.

යුද්ධයෙන් සිදු වූ හානි පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට රණවිරුවන් ආරක්ෂා කරන පුද්ගලයෙක් නම් තමන් වගකියන්නේ නැහැ. වගකිව යුත්තේ යුද හමුදාව මෙහෙයවූ හමුදාපති කියා බෝලය පාස් කරන්නේ නැහැ. රණවිරුවන් රකින, රට රකින, නියම නායකත්වය තමා ශක්තිමත් නායකත්වය මේකද? තමන් බේරෙන්න රට ජාතිය තුට්ටු දෙකට විකුණන ප්‍රතිවාදියෙක් තමයි. අද අපේ රටේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වී සිටින්නේ.

වසර 10ක් තිස්සේ යුද ජයග්‍රහණයේ ගෞරවය සින්නක්කර ඔප්පුවෙන් එම පවුල ලියාගෙන තිබුණේ. දෛවයේ සරදමක් ලෙස ඊයේ දවසේ සත්‍ය හෙළි වුණා. යුද හමුදාව මෙහෙයවූ සරත් ෆොන්සේකා මැතිතුමා යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා බව ප්‍රතිවාදියාට එළිපිට ප්‍රකාශ කරන්නට සිදු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + ten =