සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය බිරිඳගේ දෙමව්පියන්ට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඩ් සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය අධිකරණ නියෝගවලට අනුව සහරාන්ගේ බිරිඳගේ දෙමව්පියන්ට භාර දී තිබේ.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දී ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරය අයි එස් අයි එස් ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීමේ චෝදනා ලැබ සිටින තවුහිද් ජමාද් සංවිධානයේ අහම්මදු අර්ෂාත් නමැති සැකකරු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =