තැපැල් ඡන්ද පති‍්‍රකා හෙට තැපෑලට

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම හෙට (17) සිදුවන බව මැතිවරණ කොමිසම් සභාව සදහන් කරයි. බෙදාහැරිමට අදාළ සියලු කටයුතු මේ වනවිට යොදා තිබේ.

රාජ්‍ය ආයතන සහ හමුදාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවන්නේ ලබන 31 වනදා සහ ලබන මස පළමුදා ය. දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 4 වනදා සිදුවේ. අතිරේක දිනයක් ලෙස ලබන මස 7 වනදා වෙන්කර ඇත.

ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් හය ලක්ෂ පනස් නවදහස් පන්සිය දාහතරක් පිලිගෙන තිබේ. මේ අතර නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා ලබන 25 වනදා තැපෑලට භාරදෙන බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *