ලංකා ක්‍රීඩකයන් අබුඩාබි හිදී කෝටි ගණනකට විකිණේ

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේදී දස්කම් දැක්වූ ලංකා ක්‍රීඩකයන් අබුඩාබි හිදී කෝටි ගණනකට විකිණේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආකර්ෂණය වෙනුවෙන් හඳුන්වා දුන් අලුත්ම ක්‍රිකට් තරඟ රටාව වන T 10 ක්‍රිකට් තරඟාවලියේ තෙවන අත්දැකීම විඳගන්නට නොවැම්බර් මස දී ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට හැකිවෙනවා. එක් කණ්ඩායමක් සඳහා පන්දුවාර 10 ක් හිමිවන මෙම තරඟ රටාව තුල T 20 ක්‍රිකට් වලට වඩා අතිශය උද්වේගකර බවක් දැක ගත හැකි බවයි ක්‍රිකට් ප්‍රවීණයන් පවසන්නේ.

මෙම T 10 තරඟාවලිය පවත්වෙනේ අබුඩාබි නුවර Zayed Cricket Stadium හිදීයි. කණ්ඩායම් 8ක් තරඟවදින මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 14 සිට 24 දක්වා පැවැත්වීමට දැන් සියල්ල සුදානම්.

ඒ වෙනුවෙන් වන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අබුඩාබි නුවරදී පැවැත් වුණා. එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 7 දෙනෙකු ඉහළ ලන්සුවකට අලෙවි වීම විශේෂත්වයක්. ඒ අතර පසුගිය පකිස්ථාන තරඟාවලියේදී ඉහල දස්කම් දැක්වූ දසුන් ශානක, වනිදු හසරංග, භානුක රාජපක්ෂ මෙන්ම ලසිත් මාලිංග, තිසර පෙරේරා, කුසල් ජනිත් සහ නිරෝෂන් දික්වැල්ලද ඇතුලත්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කරන කණ්ඩායම්

ලසිත් මාලිංග , දසුන් ශානක ,වනිදු හසරංග – මරාතා ඇරේබියන්ස්

නිරෝෂන් දික්වැල්ල – ටීම් අබුඩාබි

තිසර පෙරේරා – බංග්ලා ටයිගර්ස්

භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්

කුසල් පෙරේරා – දිල්ලි බුල්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *