ATM යන්ත්‍රයක දත්ත සොරා ගත් විදේශිකයින් 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 12 දා බණ්ඩරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ සවිකර තිබු ATM යන්ත්‍රයක දත්ත සොරා ගැනීම සම්බන්ධයෙන් විදේශ ජාතිකයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ සවිකර තිබූ පුද්ගලික බැංකුවකට අයත් අදාළ ATM යන්ත්‍රයක දත්ත සොර ගෙන ඇත.

විදේශ ජාතික සැකකරුවන් සිව් දෙනා අදාළ ATM යන්ත්‍රය සවිකර තිබූ කුටියට අතුළු වී එම යන්ත්‍රයේ දත්ත සොර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග සවි කිරීම සම්බන්ධයෙන් කොටවිල පොලිස් ස්ථානනයකට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබුනි.

ඒ අනුව මෙම සිද්ධියට සම්පන්ධ බල්ගේරියන් ජාතිකයෙකු, එස්ටෝනි ජාතිකයෙතු හා පෝලන්ත ජාතිකයින් දෙදෙනෙකු ඊයේ(16) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගත් විදේශ ජාතික සැකකරුවන් අද(17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොටවිල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෙටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *