යොවුන් නෙට්බෝල් ක්‍රීඩිකාව දිවි සැරිය නිම කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ උපනායිකාව හා ගෝල විදින්නිය වූ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියක වන මෙලනි අමා විජේසිංහ හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

මිය යනවිට 17වැනි වියේ පසුවූ මෙලනි අඩි හයයි අඟල් එකක් උසැති ක්‍රීඩිකාවකි.

විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයකින් හෙබි මෙලනි අනාගතයේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩාය ෙම් නිත්‍ය ගෝල විදින්නිය බවට පත්වනු ඇතැයි විශ්වාසක් තිබිණි.

මෙම වසරේ ජපානයේ පැවැති යොවුන් ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේදී ඇය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමිවිය.

2017 වසරේ පැවැති ලෝක ශූරතා යොවුන් දැල්පන්දු තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ඈ සමත් වූ ක්‍රීඩිකාවකි.

ඇගේ දේහය මේ වනවිට කිරිඳිවැල පිහිටි ඇගේ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු 23 වැනිදා සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + six =