අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්න උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගි මාර්ගයේ වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඒ අද(21) පෙරවරුවේ කහතුඩුව හුවමාරුව ආසන්න ප‍්‍රදේශයේදීය.

ජීප් රථයක් මාර්ගයේ ලිස්සා යාමෙන් තවත් ජීප් රථයක ගැටී තිබේ. පසුපසින් පැමිණි වැන් රථයක් එම අනතුර නැරඹීම සඳහා එක්වරම වේගය අඩු කිරිමේ දි ඊට පසුපසින් පැමිණි මෝටර් රථයක් සහ බස් රථයක් ගැටී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස් ඕපනායක මහතා පැවසීය.

පවතින වර්ෂාව හේතුවෙන් අධිවේගි මාර්ග භාවිත කිරිමේ දී රියදුරන් වඩාත් සැළකිලිමත් විය යුතු බවද ඕපනායක මහතා දැනුම් දෙයි. මාර්ගය ලිස්සායාමේ අවදානම හේතුවෙන් පැයට කිලෝ මීටර 60ක උපරිම වේගයක් පවත්වා ගැනීම ආරක්ෂාකාරි බව ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *