ආනයන වියළි මිරිස් සහ මාළු සඳහා වන බදු පහතට

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව එම කමිටුවේ සභාපති කෘෂිකර්ම පී. හැරිසන් මහතා කියයි.

ඒ අනුව,දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20කින් ද, ආනයනික මාළු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 100 සිට 25 දක්වා රුපියල් 75කින් අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදීතීරණය කර ඇත.

මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් පවතින කුකුළු මස් හා බිත්තර මිල පාලනය උදෙසා කුකුළු මස් හා බිත්තර ආනයනයට ද මෙහිදී අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික් ටොන් 48,000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන් මඟින් ඉතා ඉක්මනින් සහල් කොට ,සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක් ද, සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට ද අලෙවි කිරීමට තීරණය කළ බව ඇමැති පී.හැරිසන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *