‘ක්වෙන්ටාස්‘ ලොව දිගම ගුවන් ගමනේ

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ ‘ක්වෙන්ටාස්‘ ගුවන් සමාගම, ලොව දිගම ගුවන් ගමන ඊයේ(20) සම්පූර්ණ කිරීමට සමත් විය. යානය, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි දක්වා නොනවත්වා පැය 19ක ගුවන් ගමනක යෙදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙවැනි ගුවන් ගමනකදී මගීන්ට, ගුවන් නියමුවන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එය බලපාන ආකාරය නිරීක්‍ෂණය කිරීම මෙහි අරමුණ වී තිබේ. මේ සදහා මගීන් සහ කාර්ය මණ්ඩල සේවකයින් 50දෙනෙකු සහභාගී වූ බව වාර්තා වේ.

කිලෝමීටර් 16,200ක දුරක් යානය පියාසර කර ඇත.

ඉදිරියේ දී ලන්ඩන් සිට සිඩ්නි දක්වාත් මෙවැනිම ගුවන් ගමනක් සංවිධාන කිරීමට බලාපොරොත්තුවන බව ‘ක්වෙන්ටාස්‘ සමාගම ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *