පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට(22) පැවැත්වීමට නියමිතය.

හෙට උදෑසන 10.00ට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී එම හමුව සිදුවනු ඇත. සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මේ සඳහා එක්වීමට නියමිතයි. මෙම අවස්ථාවට සහභාගීවන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ද දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජියින් හමුවන තෙවැනි අවස්ථාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *