ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැන ඉන්දියාව අවධානයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ඉන්දියාවේ සමීප අවධානයට යොමුව ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා ජනපතිවරණයේ ප්‍රතිඵලය ඉන්දීය සාගරයේ ඉන්දීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිදුකිරීම ඒ සඳහා හේතුව වී ඇති බවද එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමැති සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම ජනපතිවරණයේ ප්‍රධාන සටන පවතින බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජනපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යම් තාක් දුරකට ඉදිරියෙන් පසුවන බවට මැතිවරණ නිරික්ෂකයන් පෙන්වා දෙන බව සඳහන් කරන ඉන්දීය මාධ්‍ය අඳුරු අශ්වයෙකු මෙන් සජිත් ප්‍රේමදාස මහතාද ඉදිරියට පැමිණ ඇති බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දුප්පත් මෙන්ම ග්‍රාමීය ජනතාව අතර සජිත් ප්‍රේමදාස මහතා ඉදරියෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මෙම අගය හතරෙන් එකක් බවත් සඳහන් කරයි.

අමාත්‍යවරයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ වසර පහක කාලය තුළ කිසිම ගැටලුවක් ඇතිවී නොමැති බවත් 2015 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ පරිවාර ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද ඔවුන් පෙන්වා දෙයි.

දින 52ක ආණ්ඩු පෙරළියේදී නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීම වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් සජිත් ප්‍රේමදාස මහතා කර ඇති බවත් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *