බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා

(කොළඹ, ලංකාපුවත්) – තමන් බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ රක්වාන ප්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගී වෙමින්ය. ඒ මහතාගේ ජය තහවුරු කිරීම සදහා සංවිධාන කෙරුණු මෙම ජන හමුව මාදම්පේ හන්දියේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කළ මෙම රැස්වීමට ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 10 =