රුපියල් කෝටියක හෙරෝයින් සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –වැල්ලම්පිටිය, කොළොන්නාව ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව වාර්තා වේ.

අදාළ වැටලීම සිදුකළේ කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 24 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක‍්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 13 =