නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට තැපෑලට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා හෙට (25) තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒවා බෙදාහැරිමේ විශේෂ දිනයක් ලෙස ලබන මස 03වනදා ප‍්‍රකාශ කර තිබේ. නිල ඡන්ද දැන්විම් පත‍්‍රිකා බෙදාහැරිම අවසන් වන්නේ ලබන මස 09 වනදාය.

එම දිනයෙන් පසුව තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඒවා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *