සංගක්කාර පකිස්තාන සංචාරයකට සුදානමින්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මාර්ලිබොන් ක්‍රීඩා සමාජයේ සභාපති කුමාර සංගක්කාර විසින් පාකිස්ථානයේ සංචාරයකට එක්වීමට තමන් සුදානම් බව ප්‍රකාශයට පත් කර තිබේ.

ඉදිරියේදී මාර්ලිබොන් ක්‍රීඩා සමාජයේ නියෝජිතයින් පිරිසක් පාකිස්ථාන සංචාරයකට එක්වීමට සුදානමක් ඇතැයි තොරතුරු හෙළි වී ඇත.

තමාගේ නමද ඇතුළත් වුවහොත් තමන් එම සංචාරයට එක් වන බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී සංගක්කාර වැඩිදුරටත් පවසා තිබේ.

මීට පෙර ක්‍රීඩකයෙකු ලෙස ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැකිව තිබු නමුත් වර්තමානයේ තමන් එම අවස්ථාවට මුහුණ දෙන්නේ මාරිලබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස බව ඔහු පෙන්වා දෙයි.

2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී තුවාල ලැබුවන් අතර කුමාර් සංගක්කාරද ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *