කොකේන් සමඟ විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කැළණිය කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(24) රාත්‍රී 10.10ට සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී කොකේන් ග්‍රෑම් 208 පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 44 වියේ පසුවන නයිජීරියා ජාතිකයින් වන අතර ඔවුන් අද(25) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කැළණිය කොට්ඨාස දුෂණ මර්ධන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *