කැමති ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු වු රටක් හදනවා-අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –සෑම පුරවැසියෙකුටම සිය ආගම ඇදහීමේ නිදහස තහවරු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්පාර අක්කරපත්තු නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජන රැළියක් ඊයේ පස්වරුවේ අම්පාර අක්කරපත්තු නගරයේ දී පැවැත්වුණි.

කිසිවෙකුට තවත් කෙනෙකුගේ ආගමක් උසස් හෝ පහත් ලෙස සැළකිය නොහැකි බවත් අන් අයගේ විශ්වාසය අප භාර ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

සෑම කෙනෙකුටම තමන් කැමති ආගමක් ඇඳහීමේ අයිතිය තහවුරු කිරීමේ රටක් ගොඩනැඟිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ නැවතත් ලේ වැගිරීම් නැති, ගැටුම් නැති සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් සමඟියෙන් ජීවත් වන රටක් තමන් ගොඩනඟන බවත් අනුර කුමාර මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *