ඡන්ද පැමිණිලි භාර ගැනීම සඳහා නව ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩ කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පැමිණිලි භාර ගැනීමේ ඒකකය පිහිටුවා ඇත.

පැය 24 පුරා ක්‍රියාත්මක 1996 ක්ෂණික අංකය අමතා එම ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

0112 50 55 74 යන අංකයට ෆැක්ස් මගින් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *