සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයන් පිළිබඳව මත විමසුම් වළක්වන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයන් පිළිබඳව මත විමසීම් පැවැත්වීම මැතිවරණ කාල සීමාව තුළ වැළැක්වීම සදහා පියවර ගන්නා ලෙස පැෆරල් සංවිධානය, මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙල ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

සමාජ මාධ්‍ය ජාලා මගින් ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතර, ජයග්‍රාහී අපේක්ෂකයන් තේරීමට මත විමසුම් (OPINION POLL) පවත්වන බව පැෆරල් සංවිධානය වෙත නිරීක්ෂණය වී ඇත. එමෙන්ම මෙම මත විමසුම එක් එක් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කරනු ලබන ක්‍රියාකාරකම් බව පෙනී යන අතර, එමගින් සෙසු අපේක්ෂකයන්ට අගතියක් විය හැකි බව පෙන්වා දෙයි.

එබැවින් මැතිවරණ කාල සීමාව තුළ මෙවැනි මත විමසුම් වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *