කුහරයේ සිටිව දරුවා සිහි මද තත්ත්වයේ පසුවුවත් හුස්ම ගනියි

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි.

මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී ඇත. සෙල්ලම් කරමින් සිටින අතර අඩි 30ක ගැඹුරක් ඇති වගා ළිඳකට මොහු ඇද වැටී ඇත. කලකට පෙර බඩඉරිඟු වගාවකට ජලය සපයා ගත් බව කියවෙන මෙම ළිඳ අතිශය පටු කුහරයකි.

එහි ගැඹුර අඩි 30ක් පමණ වුව ද දරුවා මේ වන විට අඩි 100ක පමණ පහළින් සිර වී සිටින බව කියවේ. ළිඳට යාබදව උමඟක් හාරා ඔහුව මුදවා ගැනීමට උත්සාහ දැරුව ද අවට පිහිටි පාෂාණ ස්තරයක් එයට බාධාවක් වී ඇත. ඉන්දීය මාධ්‍ය පවසන පරිදි එරට ප්‍රසිද්ධ ගෑස් සමාගමක් දරුවා මුදවා ගැනීම සඳහා කැනීම් යන්ත්‍රයක් සපයා ඇත.

දින 4ක් තිස්සේ නිරාහාරව එකම ඉරියව්වකින් සිටින මෙම දරුවාට නොකඩවා ඔක්සිජන් සැපයුමක් සැපයෙන බව වාර්තා වේ. ඇද හැලෙන අධික වර්ෂාව ද නොතකමින් දරුවා මුදවා ගැනීමට සියලු දෙනා උපරිමයෙන් ක්‍රියා කරන බව බලධාරීන් මාධ්‍යයට දන්වා ඇත.

සුජිත් නැමැති දරුවා සිර වී සිටින කුහරයට ජලය ගලා යාම වැළක්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. ඉන්දියාවේ ප්‍රාන්තයක සිදු වූ මේ සිදුවීම මේ වන විට ජාතික මට්ටමේ මෙන් ම ගෝලීය මට්ටමේ ගැටලුවක් බවට පත් වී ඇති අතර මුළු ලොවම නිරුපද්‍රිතව ඔහු දැකීමේ බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *