ගැඹුරු ළිඳකට වැටුණු ඉන්දීය දරුවා බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘නඩුක්කාටුපට්ටි’ ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳකට වැටුණු දෙහැවිරිදි දරුවෙකු ‘බේරාගැනීමට’ අඛණ්ඩ ‘මෙහෙයුමක්’ ක්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය 25වනදා පස්වරු 5.30ට පමණ දරුවා එලෙස වැටී තිබුණේ, ‘වගාවට අවශ්‍ය ජලය’ සපයා ගැනීම වෙනුවෙන් හාරා තිබූ ළිඳකටය. ඒ වනවිට අඩි 70ක පමණ ගැඹුරක දරුවා වැටී ‘සිරවී’ සිට ඇති අතර, එහෙත් මේ වනවිට දරුවා අඩි 100ක් පමණ දක්වා වූ ගැඹුරට වැටී ඇත්තේ, ඔහු බේරාගැනීම සඳහා, වළ ‘කැනීමේදී’ ය.

ඔහු බේරාගැනීමට ඉන්දියාවේ සියලු අංශ එක්ව ‘මෙහෙයුමක්’ ආරම්භ කර තිබේ.ලණුවක ආධාරයෙන් වළ තුළට යැවූ යන්ත්‍ර මඟින් දරුවා හට ඔක්සිජන් ලබා දී ඇත.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම, තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සියලුම නිලධාරීන් එම ස්ථානයට රැස්ව සිටින්නේ, 2හැවිරිදි ‘සුජිත් විල්සන්’ නමැති දරුවා බේරාගැනීමේ අරමුණිනි.

රජයේ සැලසුම වී ඇත්තේ, දරුවා වැටුණු වළේ සිට අඩි 3ක් පමණ ඈතින්, අඩි 110ක් පමණ ගැඹුරු වළක් කැපීමයි..(ඒ සඳහා පැය 4ක පමණ කාලයක් ගතවනු ඇත).අනතුරුව එම වළවල් දෙක ‘යා-කොට’

උමගක් තනා, ‘ගලවා ගැනීමේ නිලධාරීන්’ තිදෙනෙකු ඒ තුළින් යවා, දරුවා බේරාගැනීමට අපේක්ෂා කෙරේ.

ඉන්දීය මාධ්‍ය ඔස්සේ දරුවා බේරාගැනීමේ මෙහෙයුම සජීවිව විකාශය කෙරෙන්නේ, ‘සුජිත් බේරාගනිමු’ යනුවෙන් ලොව පුරා ජනතාව එකම ‘ප්‍රාර්ථනයක’ සිටියදී ය.

මීට වසර 5කට පමණ පෙර, ප්‍රදේශයේ ජනතාව එම ළිඳ හාරා ඇත්තේ, ‘වගාවට අවශ්‍ය ජලය’ සපයා ගැනීමේ අරමුණිනි.එහෙත් අඩි 600ක් පමණ ගැඹුරට එය හෑරුව ද, ජල බිඳුවක් හෝ ලබාගැනීමට හැකි වී නැත.

ජලය සොයා ජනතාව හැරූ එවැනි වළවල් ‘දහස් ගණනක්’ ඉන්දියාවේ පවති..එම වළවල්වලට වැටී වාර්ෂිකව ‘දරුවන්’ සිය ගණනක් මියයාම, ඉන්දියාවට ‘සුලබ’ අත්දැකීමක් වුවත්, එය වැළැක්වීමට කිසිඳු ආණ්ඩුවක් ‘නිසි පියවර’ නොගැනීම ‘කනගාටුවට’ කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *