ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අනිද්දා (31) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින්ය. සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 77ක නිලධාරින් 3500කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා යෙදවීමට නියමිතය.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම ඉහළගොස් ඇති බව අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + ten =