සුජිත්ගේ මරණයෙන් පසු ඉන්දියාවේ අනාරක්ෂිත ළිං සම්බන්ධයෙන් නව නීති

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ගැඹුරු ළිඳකට වැටී සිරව සිටියදී මියගිය අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු සිදුකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ මලයාඩිපිට්ටිපූදුර් ප‍්‍රදේශයේදීය.

දරුවා මුදාගැනීම සදහා ප‍්‍රබල මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ ද එම ප‍්‍රදේශය පාෂාණමය භුමියක් වීම හේතුවෙන් කැනීම් දුෂ්කර වූ බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම සිද්ධියත් සමග ඉන්දියාව පුරා පවතින මෙවැනි අනාරක්ෂිත ළිං සම්බන්ධයෙන් මේවන විට බලධාරින්ගේ අවධානය යොමුව තිබේ. අතහැර දමන ළිං සදහා ක‍්‍රමවත් වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමටද තීරණය කර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *