ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව දිගුවීම නිසා ඡන්දය පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීමේ තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා පක්ෂ නියෝජිතයන් අතර අද(29) පැවති හමුවේ දී මෙම තීරණයට එළඹ ඇත. ඒ අනූව ඡන්ද දායකයන්ට 2019.11.16 පෙ.ව7.00 සිට ප.ව 5.00 දක්වා ඡන්ද ප්‍රකාශකිරීමට අවස්ථාව හිමිවේ. මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව ද එම අවස්ථාවට සහභාගී වූ පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් එක් ඡන්ද පත්‍රිකාවක දිග අගල් 26ක් පමණ දිගු වන බව මැතිවරණ කොමිසම පවසයි. ඡන්ද ප්‍රකාශය කිරීමේ දී ගතවන කාලය ද ඒ අනූව වැඩිවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
සෑම ඡන්ද දායකයෙකුටම ඡන්ද ප්‍රකාශය කිරීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් ඡන්ද ප්‍රකාශය කිරීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය කාලෝචිත බව පක්ෂයේ නියෝජිතයෝ කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *