ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට, පොලිස් නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරතවීමේ අයිතියක් නැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

සක්‍රීය සේවයේ නිරතව සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්ට නිල ඇදුමෙන් සැරසී ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරතවීම ද තහනම් වේ.

මෙම නීතිය පොලිස් නිලධාරීන්ට ද බලපාන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙවැනි නිලධාරීන් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වනු ඇත. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සදහා ත්‍රිවිද හමුදාවේ මෙන්ම පොලීසියේ නිලධාරීන් අපක්ෂපාතීය ක්‍රියා කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *