කාණ්ඩ කිහිපයක වාහන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

කාණ්ඩ අංක 64,65,32,GA සිට GZ දක්වා සහ HA සිට HZ දක්වා සියලු වාහනවල එක්දින සේවාවන් මෙලෙස අත්හිටුවා තිබේ. මේ අතර මෝටර් කාර් පන්තියට ගැනෙන රථ, වෑන් රථ, කැබ්, ජීප් රථ සහ ලොරි රථවලට අදාළ එක්දින සේවාවද තාවකාලිකව නවතා ඇති අතර එම කාණ්ඩවලට අයත් වාහනවල ලිපිගොනු පරීක්ෂා කිරීම හේතුවෙන් මෙලෙස එක්දින සේවාව අත්හිටුවා තිබේ.

ලිපි ගොනු පරීක්ෂා කිරීම අවසන් වූ වහාම එක්දින සේවාව යළි ආරම්භ කරන බව වැඩිදුරටත් කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *