බි‍්‍රටිෂ් කවුන්සිලයට වසර 70ක් සපිරෙයි

(කොළඹ, ලංකාපුවත්) –බි‍්‍රටිෂ් කවුන්සිලය වසර 70ක් පුරා ශ‍්‍රී ලංකාවේ විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ විවිධ කාර්යයක් ඉටු කරමින් මෙරට ජනතාවගේ ජිවිත ස්පර්ශ කරමින් ඔවුන්ට ප‍්‍රතිලාභ අත්කර දුන් වසර 70ක සංවත්සර සැමරුම ඉහළින්ම සමරයි.

එහිදී මේ වසරේ දී ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් තුළින් සිය ජිවිත වෙනස් කර ගත් පුද්ගලයින්ගේ කතන්දර 70ක් එකතු කිරීම සිදු කෙරේ.

ශ‍්‍රී ලංකාවට 1949 වසරේ නිදහස ලැබීමෙන් අනතුරුව බි‍්‍රටිෂ් කවුන්සිලය, එක්සත් රාජධානිය නියෝජනය කරමින් සංස්කෘතික සම්බන්දතා සහ දෙරට අතර සහයෝගිත්වය ගොඩ නැගීම මෙන්ම තරුණයින්ට අවස්ථාවන් නිර්මාණය කිරීමේ කාර්යයේ නිරතව සිටි. එහිදී ඉංග‍්‍රීසි අධ්‍යාපනය, කලාව සහ තරුණ වැඩසටහන් ආදිය තුළින් බි‍්‍රටිෂ් කවුන්සිලය ශ‍්‍රී ලාංකික සමාජය සම`ග අත්දැකීම් සහ විශේෂඥතාවය බෙදා හදා ගනිමින් මෙරට ජනතාවගේ දිගු කාලීන යහපත උදෙසා පුද්ගලික හා ආයතනික සම්බන්දතා ගොඩ නගා ගනිමින් ධනාත්මක දායකත්වයක් සපයනු ලබයි.

මුල් වසර කිහිපය තුළ ඉංග‍්‍රීසි ගුරුවරුන් සඳහා සහාය සහ පුහුණුව, පුස්තකාල පවත්වාගෙන යාම සහ කලා වැඩසටහන් සංවිධානය කිරීම වැනි දශක 7 ක් පුරා පැවති වැඩසටහන් ඔවුන් මෙරටට සිදු කළා වු සමාජ මෙහෙවරේ මුල් පියරවයන් ලෙස හඳුනාගත හැකිය. බි‍්‍රටිෂ් කවුන්සිලය සිසුන්ට අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට යාමට උපදෙස් ලබා දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා සහාය ද විද්‍යාවේ සිට ෂේක්ස්පියර් දක්වා විවිධ විෂයයන් පිළිබඳ දේශන චාරිකා සංවිධානය කිරීමට ද දායකත්වය ලබා දී තිබේ. මේ අකාරයෙන් මෙරටට සහය ලබා දීමේ මුල් පියවර තුළින් බි‍්‍රටිෂ් කවුන්සිලය පුද්ගල අරමුණු ඉටු කර ගැනීමට පහසුකම් සැලසීය. එමගින් බොහෝ විට ශ‍්‍රී ලාංකික ජාතියේ සමෘද්ධිය උදෙසා දායක වූ ශ‍්‍රී ලාංකිකයන් බහුතරයක් බිහි කිරීමට හැකියාව ලැබිණි.

පසු කාලීනව බි‍්‍රටිෂ් කවුන්සිලය සැලකිය යුතු ලෙස පුළුල් වූ අතර ඉංග‍්‍රීසි භාෂා පන්ති පැවැත්වීම සෑම සතියකම වැඩිහිටියන් හා තරුණ අධ්‍යාපනය ලබන්නන් 6,000 ක් දක්වා ඉහළ නැංවිණි. එසේම එක්සත් රාජධානියේ විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින් වසරකට 100,000 කට ආසන්න ප‍්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කෙරුණි. මේ වන විට කොළඹ, මහනුවර සහ මෑතකදී යාපනයේ ආරම්භ කරන ලද කාර්යාල ද සමග ශාඛා තුනකින් සමන්විත බි‍්‍රටිෂ් කවුන්සිලයට මාතර තවත් හාවුල්කාර ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ඇත. මේ වන විට ඔවුන්ගේ පුස්තකාල සාමාජිකත්වය ලබා ගෙන ඇති පිරිස 24,000කට අධිකය.

මෑත කාලීනව මෙරට අධ්‍යාපන ක‍්‍රමයේ දියුණුව සඳහා සහාය වීම කෙරෙහි බි‍්‍රටිෂ් කවුන්සිලය අවධානය යොමු කර තිබේ. සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ඉංග‍්‍රීසි භාවිතය ප‍්‍රධාන කුසලතාවයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීම සහ අධ්‍යාපනය තුළින් ජිවිතයට අර්ථවත් ප‍්‍රතිඵල හිමිකරගත හැකි බව සහතික කිරීම, ලබාගත් කුසලතා සහ දැනුම ලෝකය සමග හුවමාරු කර ගත හැකි බව ඔවුන් එමගින් සහතික කරමින් පෙන්වා දෙනු ලබයි.

කලාව මෙන්ම මෙරට නිර්මාණාත්මක කුසලතාවයන්ගේ වර්ධනය, ආකල්ප අභියෝගයට ලක් කිරීම හා වෙනස් කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය අවම කිරීම, නිර්මාණශිලිත්වය සහ සංස්කෘතික කුසලතා ආර්ථික සවිබල ගැන්වීමේ ප‍්‍රභවයක් ලෙස යොදා ගැනීම, ආදීය සඳහා කලාවේ බලය උපයෝගී කර ගැනීමට බි‍්‍රටිෂ් කවුන්සිලය අපේක්ෂා කරයි. එහිදී බි‍්‍රටිෂ් කවුන්සිලය මෙරට කලා කටයුතු ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියට ද දායක වී ඇති අතර නිර්මාණාත්මක ආර්ථිකයේ දියුණුවට ද සහාය වී තිබේ.

බිටිෂ් කවුන්සිලය වසර ගණනාවක් පුරා රාජ්‍ය, පෞද්ගලික, ලාභ නොලබන සහ රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් සමඟ හවුල් වී බොහෝ විට මෙරට තරුණ තරුණියන් සඳහා සමාජ කතිකාවන් වැඩිදියුණු කිරීමට මෙන්ම සමානාත්මතාවයේ වැදගත්කම ශක්තිමත් කිරීම සඳහා විචිත‍්‍රවත් හා බලපෑමෙන් යුත් ව්‍යාපෘති රාශියක් ඉදිරිපත් කර තිබේ. ශ‍්‍රී ලංකාව සමාජ සහජීවනය හා සංහිඳියාව කරා යන ගමනේ දී බි‍්‍රටිෂ් කවුන්සිලය සිය ක‍්‍රියාකාරකම් තුළින් මෙරට ආර්ථික හා සමාජ තිරසාරත්ව සංවර්ධනය උදෙසා විශාල ශක්තිමත් දායකත්වයක් ලබා දී තිබේ.

බි‍්‍රටිෂ් කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂ ගිල් කැල්ඩිකොට් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”පසුගිය වසර 70 ක කාලය තුළ එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර ඵලදායි සබඳතා ගොඩ නැංවීම සඳහා දායක වීමට අපට හැකි වීම පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වන්නෙමු. එලෙසම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයන් තවත් ශක්තිමත් කරමින් අපගේ ක‍්‍රියාකාරකම් තුළින් ඒ සඳහා සිදු කෙරෙන බලපෑම තවදුරටත් වර්ධනය කරන අතර මෙරට දක්ෂ තරුණ තරුණියන්ට විශාල වශයෙන් අවස්ථාවන් ලබා දීමට කටයුතු කරන්නෙමු. එහිදී ඔවුන් හෙට දවසේ වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරනු ඇත.’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *