මැතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 124 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ පැමිණිලි ලැබී ඇත. නීති උල්ලංගනය කිරීම් 117 ක් ඊට ඇතුලත්ය.

එසේම ඔක්තෝබර් 08 වනදා සිට මේ දක්වා ලැබුණු සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 2138 ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *