ලෙබනනයේ අගමැති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෙබනන අග්‍රාමාත්‍ය සාද් හරීරිට විරුද්ධව දින 13ක් පුරා පැවති විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

දේශපාලන දූෂණ හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම විරෝධතා පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ තමා “අවසානයකට” පැමිණ ඇති බවත්, ඉල්ලා අස්වීම ජනාධිපති මයිකල් අවුන් වෙත ඉදිරිපත් කරන බවත් ය.

“මම ජනාධිපති මන්දිරයට යන්නේ රජයෙන් ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට” බවත් ඔහු පැවසීය. “මෙය වෙනසක් ඉල්ලා සිටින ලෙබනන් දහස් ගණනකගේ කැමැත්තට හා ඉල්ලීමට ප්‍රතිචාරයකි.” යනුවෙන් ද අගමැතිවරයා සදහන් කර තිබේ.

ලෙබනනයේ ස්ථාවරත්වය ආරක්ෂා කර එහි ආර්ථිකය වැඩිදියුණු කරන ලෙස අගමැති හරීරි, සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රබල බලවේගයක් වන ෂියා දේශපාල පක්ෂ විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වන බවට නිවේදනය කිරීමෙන් පසු එය සැමරීම සඳහා විථී බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වදිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *