හම්බන්තොට සහ මාතර මුලටියන පාසල්වලට හෙටත් නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයාම් අවදානම් තත්වය තවමත් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *