‘කෙන්ෂෝ‘ කරාටේ ශූරයන්ට ජය සංකේත

(කොළඹ, ලංකාපුවත්) –23 වෙනි ‘කෙන්ෂෝ‘ ජාත්‍යන්තර කරාටේ තරගාවලිය දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය ශ්‍රවණාගරයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව, නේපාලය. බංගලාදේශය යන රටවල් 05 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් පමණ තරග පිටි 10 ක දී කරාටේ තරඟ සඳහා සහභාගී වී සිටිය හ.

මෙහි වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර ගනු ලැබුවේ සත්කාරක රට වන ශ්‍රී ලංකාවයි. ‘කෙන්ෂෝ‘ ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන උපදේශක සුදත් මෙන්ඩිස් මහතා විසින් තරගාවලිය සංවිධානය කර තිබුණි. තරග ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීම සිදු කෙරුනේ දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *