‘දරුවන් සුරකිමු-ජාතික භාර අරමුදල ‘ තව දුරටත් තර කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ ඔක්තෝබර් 01 දා ස්ථාපිත කරන ලද ‘දරුවන් සුරකිමු-ජාතික භාර අරමුදල ‘ තව දුරටත් තර කිරීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වීමට කැමති ඇමැති මණ්ඩල සාමාජිකයින්ගෙන්,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ,පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සහ රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි සේවයේ නියුතු නිලධාරින්ගෙන් එක් දින වැටුප, එම අරමුදල ට පරිත්‍යාග ලෙස ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවි ඇත.

මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

විවිධ හේතුන් නිසා අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට නිසි මග පෙන්වීම,රැකවරණය හා අවශ්‍යසම්පත් ලබා දීමේ අරමුණෙන් ‘දරුවන් සුරකිමු-ජාතික භාර අරමුදල ‘ ස්ථාපිත කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *