පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම හෙටින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම හෙට (31) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී එය ආරම්භ වේ.

කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී හේරත් මහතා පැවසුවේ මෙම අවස්ථාව ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත බවයි.

කොමිෂන් සභා කාර්යාල පරිශ‍්‍රයට කැමරා, පටිගත කිරිමේ උපකරණ සහ දුරකථන ඇතුලු විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *