බ්‍රිතාන්‍යය හදිසි මහා මැතිවරණයකට යයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රේක්සිට් ක්‍රියාවලියේ ප්‍රමාදවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් දෙසැම්බර් මස 12වනදා හදිසි මහා මැතිවරණයක් කැඳවා ඇත.

ඒ අනුව කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ යෝජනාවට පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 438ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 20ක් පමණි.

දෙසැම්බර් මස 12 වන මහ මැතිවරණය පැවැත්වෙන අතර මැතිවරණයක් පැවැත්වීමට අදාළ කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය යුතු වේ.

කෙසේ වෙතත්, මෙම සතිය තුළ ඊට අනුමැතිය හිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *