UN සරණාගත ප‍්‍රධානී තනතුර හෙබවූ පලමු කාන්තාව මියයයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ මහකොමසාරිස් ලෙස සේවය කළ පළමු සහ එකම කාන්තාව වූ සදාකෝ ඔගාටා මිය ගියාය. ජපන් ජාතික කාන්තාවක වන ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසුවූ බව වාර්තා වේ.

ඇගේ පාලන කාලය තුල රුවන්ඩාවේ ජන සංහාරය හා යුගොස්ලෝවියාවේ වාර්ගික අර්බුද සම්බන්ධයෙන් ඇය විසින් ලබා දෙන ලද දායකත්වය හේතුවෙන් බොහෝ රටවල් අතර ඇය ජනප්‍රිය චරිතයක් විය.
දරිද්‍රතාවය, සරණාගතයන් සහ ගැටුම් ආදී මානුෂීය ගැටලුසම්බන්ධව ඇය විශිෂ්ට නායකත්වයක් ගෙන කටයුතු කළ බව විදෙස් පුවත් වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යංශයේ වර්තමාන මහකොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි ද ඔගාටා විසින් ඇයගේසේවය අගය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 17 =