පාකිස්ථානයේ දුම්රියක් ගිනිගනී – 73 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථානයේ කරච්චි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 73ක් මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මැදිරියක් තුළ ගෑස් සිලින්ඩරයක් භාවිතා කරමින් ආහාර පිසීමට යාමේ දී ගින්න ඇති වී තිබෙන බව වාර්තා වේ. එයින් ඇති වූ ගින්න මැදිරි තුනක් දක්වා පැතිරී ගොස් තිබේ.

එරට බලධාරීන් වාර්තා කරන ආකාරයට විශාල පිරිසක් මියගොස් ඇත්තේ ගින්නෙන් බේරීම සඳහා ධාවනය වන දුම්රියෙන් පැනීම හේතුවෙනි.

අනතුර හේතුවෙන් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා ඇති අතර මිය ගිය ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි වාර්තා කරයි.

නතුර සිදුවූ ප‍්‍රදේශය ආසන්නයේ රෝහලක් නොමැතිවීමෙන් තුවාල කරුවන් රැගෙනයාම ප‍්‍රමාද වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *