(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගාල්ල, මාතර, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනු ලැබේ.
මේ අතර කළුතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට තරමක තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැකිය.